වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 5,000ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරන බවයි 2025 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
විශ්ව විද්‍යාල සිසුන්ගේ මහාපොළ දීමනා රුපියල් 5,000 සිට 7,500 දකවා වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාර 4,000 සිට 6,000 දක්වා වැඩි කිරීමටත් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඒ අනුව විශ්ව විද්‍යාල ශිෂ්‍යාධාර ලබා දීම සදහා වෙන් කරන සමස්ථ මුදල රුපියල් මිලියන 4,600ක්.
colombotimes.lk