16 July 2025

logo

ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත පුද්ගලයන්ට එන්නතක්



අලුත් අවුරුදු සමයට පෙර රට පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන්හි නිරත පුද්ගලයන් 50,000ක් සඳහා “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය විසින්.

පසුගිය කාලය තුළ මෙරට “ටයිපොයිඩ්” රෝග ව්‍යාප්තිය හා රෝගය වැළදීම පිළිබඳව වාර්තා වූ දත්ත මඟින් සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

“ටයිපොයිඩ්”  රෝගය වැළදීමේ හා පැතිරීමේ වැඩි ප්‍රවණතාවය ආහාර පිසීම, ආහාර නිෂ්පාදනය හා අලෙවි ක්ෂේත්‍ර මුලික කර ගනිමින් සිදුවන බව ගෙවුණු වසර කිහිපයක සංඛ්‍යා ලේඛණ අනාවරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නොමිලේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය මඟින් සහ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ලබාගත හැකියි.

(colombotimes.lk)