09 May 2026

logo

වාහන ලියාපදිංචිය ඉහළට



වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ 33678ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බවයි.

ඒ අනුව එක් ලක්ෂ 451ක් යතුරුපැදි මෙලෙස ලියාපදිංචි කර තිබෙනවා.
 
අදාළ කාල සීමාව තුළ මෝටර් රථ 20535ක් ලියාපදිංචි කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මීට අමතරව ත්‍රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාහන ආනයනය සඳහා රජය අවසරදීමත් සමඟ වාහන ලියාපදිංචිය එලෙස ඉහළ ගොස් ඇති බවයි. 

(colombotimes.lk)