16 July 2025

logo

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වෙයි (PHOTOS)



අධික වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ ස්වයංක්‍රීයව විවෘත වූ බව ජලාශ ඉංජිනේරු කාර්යාලය පවසනවා.

ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 722 ක් වූ බැවින් වාන් දොරටු විවෘත කර තත්පරයකට ජලය ඝන මීටර් 159 ක් ජලාශයෙන් මුදා හැර ඇති බවයි එම කාර්යාලය පැවසුවේ. 
 
මේ වසරේ වාන් දොරටු විවෘත කළ පළමු අවස්ථාව මෙයයි. 
 
ගංවතුර තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙස ඉංජිනේරු කාර්යාලය ගඟ පහළ ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)