තවත් ගෝලීය වසංගත තත්ත්වයට සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ එය කොවිඩ් -19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවයි.
කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව මේ වන විට අවසන් වී තිබුණ ද කොවිඩ් හේතුවෙන් පවතින ගෝලීය සෞඛ්‍ය තර්ජනය මෙතෙක් අවසන් වී නොමැති බවයි ඔහු සඳහන් කළේ.
මේ වන විට වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින අතර එය නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමට හේතුවනු ඇති බව ටෙඩ්රෝස් පවසනවා.
76 වන ලෝක සෞඛ්‍ය සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීවරයා මේ බව සඳහන් කර තිබුණා.
මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි වසංගත තත්ත්වයට මුහුණදීමට සූදානම් විය යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.
(colombotimes.lk)