උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව දින තුනකට පමණක් ප්‍රමාණවත් වන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.
මේ වන විට එහි අක්කර අඩි 5000ක පමණ ජල ධාරිතාවක් පවතින බව එම අධිකාරිය සඳහන් කළා.
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300ක්.
ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජලය නිකුත් කළා.
දකුණු ඇල හරහා සඳුදා දක්වා අගුණුකොළපැලැස්සට ජලය නිකුත් කෙරෙන බව, මහවැලි අධිකාරිය කියා සිටියා.
(colombotimes.lk)