අවසර නොලත් විදේශ විනිමය ගණුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගණුදෙනු සඳහා පහසුකම් සපයන පාර්ශවයන්ට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව ප්‍රකාශ කළා.
ඒ විදේශයන්හී දේපළ මිලදී ගැනීම් සඳහා සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය කෙරෙන දැන්වීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.
පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා ඩොලර් 20,000ක් හෝ ඊට සමාන අගයක ගෙවීම් හැර විදේශ දේපළ ආයෝජන සදහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලාංකික නේවාසික තනි පුද්ගලයන්ට අවසර හිමි නොවන බවද මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එසේම ඊට අදාළව තවත් රෙගුලාසි රැසක් ක්‍රියාත්මක අතර, ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස මහ බැංකුව දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)