colombotimes.lk
සිංහල | English

17 May 2024

පවතින අධික වර්ෂාවත් සමඟ සියලු ජලාශවල ජල ධාරිතාව සියයට 50 ඉක්මවයි



පවතින අධික වර්ෂාවත් සමඟ සියලු ජලාශවල ජල ධාරිතාව සියයට 50 ඉක්මවා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසනවා. 

ඇතැම් ජලාශ වාන් දැමීමට පටන්ගෙන ඇති බවත් තවත් ජලාශ කිහිපයක් වාන් දැමීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළා. 
 
ඒ අනුව දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් අඩි 3ක් උසට විවෘත කර තත්පරයට ඝන අඟල් 11,200ක ධාරිතාවකින් යුතුව ජලය මුදා හැරීම ආරම්භ කර තිබෙනවා. 
 
එමෙන්ම දැදුරු ඔයේ පහත් බිම්වල ජලය ඉහළ යනු ඇති අතර, හදිසි ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස පහත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 
 
මේ අතර අත්තනගලු ඔයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇති අතර අත්තනගල්ල, ගම්පහ, ජා-ඇල සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. 
 
අද පස්වරුවේ පවතින වර්ෂාපතනය අනුව දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකියි.
(colombotimes.lk)