17 September 2025

logo

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි



කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (10) සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.

හෙට සවස 5.00 සිට පසුදින (11) උදෑසන 8.00 දක්වා පැය 15ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවීමට නියමිතයි.
(colombotimes.lk)