23 June 2025


ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වාතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්සාහ කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාවරත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ මරමස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරමින් සිටින බවට වාර්තා වනවා. 

එම තත්ත්වයත් සමඟ මතුව ඇති අස්ථාවරත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ගණන් අද (23) ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

මේ අනුව 3%ක මිල ඉහළයාමත් සමඟ බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වී තිබෙනවා. 

විශ්ලේෂකයන් පුරෝකථනය කරන්නේ තෙල් මිල ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි.

(colombotimes.lk)