11 July 2025

logo

WhatsApp සඳහා විශේෂ රහස් කේතයක් හඳුන්වා දෙයි



පසුගිය මැයි මාසයේ දී WhatsApp විසින් Chat Lock විශේෂාංගය හඳුන්වා දීම සිදුකළා.

ඒ, පරිශීලකයින්ට මුරපදයක් හෝ ඇඟිලි සලකුණක් හරහා සිය Chat ආරක්ෂා කර ගැනීම සඳහායි.

එම විශේෂාංගය 'Locked Chats' ෆෝල්ඩරය ඔස්සේ ලබා ගත හැකියි.

මෙයට අමතර ආරක්ෂාවක් ලබාදීමට WhatsApp විසින් Chat Lock සඳහා 'Secret Code' නමින් නව විශේෂාංගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මෙය ඉදිරි මාසවලදී සියලුම පරිශීලකයින්ට ලබාදීමට නියමිතයි.
(colombotimes.lk)