04 July 2025

logo

දකුණු කොරියාවේ ලැව්ගිනි ඇතිවීම් සීග්‍රයෙන් ඉහළට



දකුණු කොරියානු අර්ධද්වීපයේ ගිනිකොන දෙසින් ඇති වූ මාරාන්තික ගින්න ඇතුළුව රට පුරා ලැව්ගිනි 20කට වැඩි ප්‍රමාණයක් ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ලැව්ගිනි හේතුවෙන් ගිනි නිවන භටයින් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් අතුරුදහන් වී ඇති බවයි.

තද සුළං හේතුවෙන් ලැව්ගිනි වේගයෙන් පැතිර යන බැවින් හිරු බැස යෑමට පෙර ගින්න නිවා දැමීමට සියලු උත්සාහයන් ගන්නා ලෙස වැඩබලන ජනාධිපති චෝයි සං-මොක් ඉල්ලා තිබෙනවා.

(colombotimes.lk)