ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කර තබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම කන්ටේනර් රථය ගැටී ඇත්තේ අද උදෑසන පොල්ගහවෙල සිට රත්මලාන බලා ධාවන වූ ෆවුසි කාර්යාල දුම්රියේයි.
දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අපරික්ෂාකාරී ලෙස මෙම කන්ටේනරය දුම්රිය මඟට ඇතුළු වී තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුවුණා.
දුම්රිය අනතුර හේතුවෙන්, උතුරු සහ උඩරට මාර්ගවල සියලු දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
(colombotimes.lk)