colombotimes.lk
සිංහල | English

18 October 2024


Women's T20 WC - SL Vs PAK | ශ්‍රී ලංකාවට ලකුණු 31ක පරාජයක්



විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය පාකිස්ථානයට එරෙහිව ඊයේ (03) පැවැත්වුණා.

ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි.

එම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 31කින් පරාජයට පත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 85ක් පමණයි.

(colombotimes.lk)