colombotimes.lk
සිංහල | English

18 October 2024


Women's T20 WC - SL Vs PAK | පාකිස්ථාන ඉනිම නිමා වෙයි



විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය පාකිස්ථානයට එරෙහිව අද (03) පැවැත්වෙනවා.

ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 116ක් පමණයි.

තරගයේ ජයග්‍රහණය කිරීමට ලකුණු 117ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවට මේ වන විට සිය ඉනිම ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)