09 May 2026

logo

දිට්වා සුළි කුණාටුවෙන් ලංකාවට වූ හානිය ලෝක බැංකුව හෙළි කරයි



පසුගිය නොවැම්බර් මාසය අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන්  මෙරට ගොඩනැගිලි හා ඒවායේ  අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතලපහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසනවා. 

ලෝක බැංකු සමූහය විසින් ඊයේ (22) ප්‍රකාශයට පත් කළ Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාවේ මේ බව සඳහන්. 

මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන වන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කළා. 

මෙම වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඇස්තමේන්තු කර ඇත්තේ ඩොලර් මිලියන 689ක් ලෙසයි.

(colombotimes.lk)