colombotimes.lk
සිංහල | English

02 May 2024

ලෝකයේ බේබද්දන් වැඩිපුරම සිටින රට සොයාගැනේ



මධ්‍යසාර භාවිතය එක් සමාජයකට පමණක් සීමා වුණ පානයක් නොවේ. 
 
නමුත් බටහිර රටවල සහ ආසියාවේ සුපිරි සහ මධ්‍යම පාන්තික සමාජවල මෙය පිළිගත් පානයක් විදිහට සැලකෙනවා. 
 
ඒ වගේම තමයි ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යනු මධ්‍යසාර පානය කිරීම නිරන්තරයෙන් සිදුකරන රටවල් දෙකක්.
 
No description available.
 
මේ සම්බන්ධයෙන් මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් විශේෂ වාර්තාවක් සම්පාදනය කිරීමට සමත්වී තිබුණා.
 
එහිදී ඔවුන් විසින් රටවල් 189 ක පුද්ගලයන්ගේ මධ්‍යසාර පානය කිරීමේ පුරුදු සමබන්ධයෙන් අධ්‍යනයක් සිදුකර තිබෙනවා. 
 
එමෙන්ම එක් පුද්ගලයෙකු පානය කරන සාමාන්‍ය පිරිසිදු මධ්‍යසාර ලීටර් ප්‍රමාණය විශ්ලේෂණය කිරීමද මෙහිදී සිදු කර ඇති බව සඳහන්. 
 
එහිදී සියලුම රටවල් පරදවමින් ඉදිරියට ඒමට කිසිවෙකු නොසිතූ රටක් සමත් වී තිබෙනවා. 
 
No description available.
 
ඒ අනුව මෙහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණේ Cook දූපත් සමුහයයි. 
 
එරට එක් සාමාන්‍ය පුද්ගලයෙකු වසරකට පිරිසිදු මධ්‍යසාර ලීටර් 13 ක් පමණ පරිභෝජනය කරන බව වාර්තා වනවා. 
 
No description available.
 
එය වීදුරු 100ක ප්‍රමාණයක් බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 
 
මෙහිදී ඇමරිකාවට 35 වෙනි ස්ථානය ද, බ්‍රිතාන්‍යට 24 වෙනි ස්ථානය ද හිමිවුණා.
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES) 
 
No description available.