colombotimes.lk
සිංහල | English

18 October 2024


යාගී මියන්මාරයටත් කඩා වදියි - 74කට දිවි අහිමි වෙයි



යාගි සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 74 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමඟින් තවත් පුද්ගලයන් 89 දෙනෙක් අතුරුදන්ව ඇති අතර පුද්ගලයන් 240,000ක පමණ පිරිසක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

මීට පෙර යාගි සුළි කුණාටුවෙන් වියට්නාමය, ලාඕසය සහ තායිලන්තය යන රටවලටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොණ දිග ආසියානු රටවල සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 350 ඉක්මවා ගොස් ඇති බවයි.

(colombotimes.lk)