05 January 2025


යෝෂිත සහ විමල් අද CIDයට



හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ පෙනීසිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඔහුට පසුගියදා සිදු කළ දැනුම්දීමට අනුවයි.

එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරය දරණ සමයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)