colombotimes.lk
සිංහල | English

28 April 2024

"ඔබට මාව පෑඩ් මෑන් ලෙස හඳුන්වන්න පුලුවන්" - සජිත් ප්‍රේමදාස



2019 ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රතිඥාව අලුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන් මෙරට ජනාධිපති ධූරයට පත් වුවහොත් කාන්තා සෞඛ්‍ය සම්බන්ධයෙන් උපරිම අවධානය යොමු කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන බලවේගය විසින් මහනුවරදී සංවිධානය කරන ලද කාන්තා සමුළුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසින්.

'පසුගිය ජනපතිවරණයේදී කාන්තා සෞඛ්‍යය ගැන කතා කරනකොට මට කිව්වේ 'පෑඩ් මෑන්' කියලා. කාන්තා සෞඛ්‍යය ගැන කතා කරන එක තහනම් ලංකාවේ විතරයි. හැබැයි ස්කොට්ලන්තයයි, නවසීලන්තයයි කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවා. මම රටවල් කරන දේවල් පිළිපදිනවා, ඔබට මාව පෑඩ් මෑන් ලෙස හඳුන්වන්න පුලුවන්'
(colombotimes.lk)