19 September 2025

logo

බස් රථයකින් ඇද වැටී තරුණයෙක්ට දිවි අහිමිවෙයි



ඇඟලුම් ආයතනයක සේවකයින් පිරිසක් ප්‍රවාහන කරමින් අරවියර් නගර් දෙස සිට උරුත්තිපුරම් දෙසට ධාවනය වූ බස් රථයකින් ඇදවැටී ඊයේ (18) රාත්‍රියේ තරුණයෙක් මියගොස් තිබෙනවා.

ඒ කිළිනොච්චිය පොලිස් වසමේ උරුත්තිපුරම් මාර්ගයේ 8 ඇල ප්‍රදේශයේදීයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ උරුත්තිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම අදාළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)