19 September 2025

logo

මොළයේ සෛල කන ඇමීබා ආසාදනය ගැන ඉන්දියාවෙන් භයානක පුවතක්



මොළයේ සෛල භක්ෂණය කරන නයිගීරියා ෆවුලේරි එනම් මොළය භක්ෂණය කරන මාරාන්තික ඇමීබා ආසාදනයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසරේ ගතවූ කාලය තුළ මෙම ආසාදනයට ගොදුරු වූ පුද්ගලයන් 70ක් පමණ එම ප්‍රාන්තයෙන් සොයා ගෙන ඇති බවයි.

ඉන් පුද්ගලයන් 19දෙනෙක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඉන් වැඩි ප්‍රමාණයක් පසුගිය මාස කිහිපය තුළ වාර්තා වූ බවයි. 

ජලාශ, ගංගා වැනි උණුසුම් ජලයේ සුබල වශයෙන් ඇති මෙම ඇමීබාවන් නාසය හරහා මිනිස් සිරුරට ඇතුළු වන බව මේ වන විට සොයා ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ වාගෝලීය වශයෙන් මෙතෙක් රෝගීන් 500කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් පසුගිය වසර 02ක තුළ කේරළයේ පමණක් රෝගීන් 120කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවයි. 

(colombotimes.lk)