colombotimes.lk
සිංහල | English

02 May 2024

ඇෆ්ගන්වරු හමුවන සිංහයෝ



මෙවර ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය ලෙස අද (30) පස්වරු 2ට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වෙනවා.මේ තරගය ඉන්දියාවේ මහාරාෂ්ට්ර ක්‍රීඩාංගනයේ දී තමයි පැවැත්වෙන්නේ.

මෙවර ලෝක කුසලානයේදී දැනට මේ ක්‍රීඩාංගනයේ එක් තරගයක් පවත්වා තිබෙනවා. ඒ තරගය පැවැත්වුණේ ඉන්දීය කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර. 
 
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම රැස් කරගත්තේ ලකුණු 256ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තරගය පහසුවෙන් ජයගත්තා.

මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමත් මේ වනවිට තරග 5 කට ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 5න් තරග 3ක් පරාජයට පත් වෙද්දී ජයග්‍රහණය කිරීමට හැකි වී තිබෙන්නේ තරග 2ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරග 3ම පරාජයට පත් වෙන්නට සිදු වුණා.
England vs Sri Lanka highlights, World Cup 2023: Sri Lanka thrash England  by 8 wickets - The Times of India
 
ඒ පළමු තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේත් 2වන තරගය පකිස්ථාන කණ්ඩායම හමුවේත් 3වන තරගය  ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේත්. නමුත් 4 වන තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව තරගය ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ පළමු ජය වර්තා කළා. ඒ වගේම 5 වන තරගයේදී ප්‍රබල එංගලන්ත කණ්ඩායම කඩුලු 8 කින් පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. මේ තරගයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණඩායම පිට පිට ලෝක කුසලාන තරග 5 කදී පරාජයට පත් කර තිබෙනවා.

මේ වෙනකොට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමටත් ජයග්‍රහණය කිරීමට හැකි වී තිබෙන්නේ තරග 2ක් පමණයි. අනෙක් තරග 3ම පරාජයට පත් වෙන්නට ඇෆ්ගනිස්ථානයට සිදු වී තිබෙනවා.
AFG vs PAK Dream11 Prediction With Stats, Pitch Report & Player Record of  Afghanistan v Pakistan in UAE, 2023 For 3rd T20I • ProBatsman
 
පළමු තරගය බංග්ලාදේශය හමුවේත් 2වන තරගය ඉන්දියාව හමුවේත් පරාජයට පත් වන්නට ඇෆ්ගනිස්ථානයට සිද්ද වුණා.3 වන තරගය  ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් ඔවුන්ගේ පළමු ජය වාර්තා කළා. නැවතත් ඔවුන්ගේ 4 වන තරගයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත් වන්නට ඇෆ්ගනිස්ථානයට සිදුවුණා. 5 වන තරගයේදී පකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරන්නට ඇෆ්ගනිස්ථානයට හැකි වුණා. ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පළමු වරට පකිස්ථානයට එරෙහිව එක්දින තරගයක් ජයග්‍රහණය කරන්නට හැකි වුණා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර එක්දින තරග 11ක් පවත්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7ක් ජයගෙන ඇති අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරග 3ක් ජයගෙන තිබෙනවා.

අද (30) පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදුව තිබෙනවා. ළහිරු කුමාර අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා තිබෙනවා.
Nipuna Munaweera @ COLOMBO TIMES