16 August 2025

logo

ෆින්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර එකඟතාවක්



මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා සහය ලබාදීමට ෆින්ලන්ත රජය සිය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපති Kimmo Lahdevirta අතර පැවති හමුවකදීයි.

එහිදී මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)