16 August 2025

logo

ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට දරුණු ඛේදවාචකයක්



ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
 
එමෙන්ම තවත් 500කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බව එරට ආපදා අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

එරට බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ අතුරුදන් වූ සංඛ්‍යාව 1,000 ඉක්මවිය හැකි බවයි. 

එම ප්‍රදේශයට පැයට මි.මී. 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. 

(colombotimes.lk)