16 August 2025

logo

ඉන්දියාවේ නිදහස් දින සැමරුමේදී මෝදි සැරවෙයි



ඉන්දියාව සිය 79වන නිදහස් දිනය ඊයේ (15) උත්කර්ෂවත් අයුරින් සමරා තිබෙනවා. 

නිදහස් දිනය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ඉන්දියාව තවදුරටත් න්‍යෂ්ටික තර්ජන හමුවේ පසුගාමී නොවන බවයි.

එමෙන්ම රුධිරය සහ ජලය එකට ගලා නොයන බැවින් ඉන්දියාවේ ජලය ඉන්දියාවට පමණක් අයිති බවට ඉන්දියාව දැන් තීරණය කළ යුතුව ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දශක ගණනාවක් තිස්සේ සින්දු ගිවිසුමේ ස්වරූපය ඉවසා දරා සිටියත් තවදුරටත් එය සිදු නොකරන බවයි.

එහිදී සිය කතාව තුළින් ඉන්දියාව ඉන්දු ජල ගිවිසුම ඒකපාර්ශවිකව අත්හිටුවීම දිගටම කරගෙන යන බවට අගමැතිවරයා විසින් ඉඟි පළ කර තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 'ඉන්දියාවේ ගංගා සතුරන්ගේ ඉඩම්වලට ජලය සපයන අතර මගේ රටේ ගොවීන් සහ භූමිය ජල හිඟයකට මුහුණ දී තිබේ' යන්නයි.


(colombotimes.lk)