වයඹදිග හා උතුරු පාකිස්ථානයට බලපෑ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ (15) දිනයේදී පමණක් පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එරට ආපදා කලමනාකරණ අධිකාරිය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කයිබර් පක්තුන්ක්වා කඳුකරයට මෙලෙස අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
කඳුකරයේ අධික වර්ෂාව, හදිසි ගංවතුර, අකුණු සැර වැදීම් සහ ගොඩනැගිලි කඩාවැටීම් හේතුවෙන් මෙම මරණ සිදුවී තිබෙනවා.
(colombotimes.lk)