ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පවත්වා තිබෙනවා.
ඒ ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඇන්කරේජ් හී එක්සත් ජනපද හමුදා කඳවුරකදීයි.
ඔවුන් වසර 06කට පසු මෙලෙස හමුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් පැය 03කට ආසන්න කාලයක් එම සාකච්ඡාවේ නිරත වූ බවයි.
එම සාකච්ඡාවලින් අනතුරුව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
එහිදී ඇමරිකානු ජනාධිපති සඳහන් කළේ එම සාකච්ඡාවලදී කිසිඳු ගිවිසුමකට අත්සන් නොකළ බවයි.
එහෙත් සාකච්ඡා ඵලදායී බවත් එමඟින් සාකච්ඡාවල ප්‍රගතියක් අත්කරගත් බවද ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇති කරගැනීම අරමුණ කරගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)