11 July 2025

logo

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර පිටියෙන් සමුගනී



සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා.

ඔහු පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 66ක් ක්‍රීඩා කර ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස තරගවල දී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගෙන තිබෙනවා.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී වසීම් අවසන් වරට පාකිස්තානය නියෝජනය කර තිබුණා.
(colombotimes.lk)