22 November 2024


ඩෙන්මාර්ක අගමැතිනියට නොසිතූ ලෙස ප්‍රහාරයක්



ඩෙන්මාර්ක අගමැතිනිය Mette Frederiksen, එරට කෝපන්හේගන් අගනුවර ජනතාව අතරින් ගමන් කරමින් සිටියදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙකු ඇය පසුපසින් පැමිණ පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුව ආරක්ෂක නිලධාරීන් විසින් එම පුද්ගලයා පොලිසියට භාරදී තිබෙනවා.

අගමැතිනියට කිසිදු අනතුරක් සිදු වී නැති අතර සිද්ධියෙන් පසු ඇය දැඩි ලෙස කම්පනයට පත්වූ බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)