13 December 2025

logo

WATCH VIDEO | ඉන්දියාවේ පාලමක් කඩා වැටෙයි



ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. 

තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්. 
 
අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 
 
මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 බැගින් ලබාදෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)