colombotimes.lk
සිංහල | English

27 April 2024

PHOTOS | මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි



අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව හැටන් පොලීසිය ප්‍රකාශ කළා.

මීගමුව සිට නුවරඑළිය දක්වා ධාවනය වූ මොටර් රථය අද (28) අලුයම 4ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

අධික වේගය සහ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ මොටර් රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)