ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක්ට එරෙහිව පවරා තිබෙන අල්ලස් නඩුවක් පවත්වාගෙන යාමට ඉඩ දෙනවාද නැද්ද යන්න පෙබරවාරි 21වනදා ප්රකාශ කරන බව ඊයේ (23) දැනුම්දී තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණය විසින්.
ග්රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක මුදලක් අහිමි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ නීතිඥයන් විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවන්ට ප්රතිවිරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා දැනුම්දී ඇත්තේ ඒ පිළිබඳ තීන්දුව මීළඟ නඩු දිනයේදී ප්රකාශ කරන බවයි
(colombotimes.lk)