colombotimes.lk
සිංහල | English

03 May 2024

බංකොලොත් භාවයට හේතු සෙවීමට තේරීම් කාරක සභාවක්



රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය බංකොලොත් භාවයට හේතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබෙනවා.
 
ඒ, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් වීම විශේෂත්වයක්. 
 
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) නිවේදනය කළේ, මූල්‍ය බංකොලොත් භාවය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කර යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිත බවයි. 
 
තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයින් වන්නේ., 
නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි 
ඩී.වී.චානක 
විජිත හේරත් 
මහින්දානන්ද අලුත්ගමගේ 
එරාන් වික්‍රමරත්න 
අශෝක් අබේසිංහ 
ජයන්ත කැටගොඩ 
හර්ෂණ රාජකරුණා 
මේජර් ප්‍රදීප් උඳුගොඩ 
සංජීව එදිරිමාන්න 
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ 
ශානකියන් රාජපුතිරන් රාසමානික්කම් 
රංජිත් බණ්ඩාර
(colombotimes.lk)