colombotimes.lk
සිංහල | English

06 May 2024

චමරිට ICC යෙන් සැලකුම්



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබෙනවා. 

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්. 
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි ජයක් හිමිකරගත් එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා සළකා බලා ICC මෙම තීරණය ගෙන තිබෙනවා. 
 
එහිදී චමරි ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්වුණා. 
 
එමෙන්ම චමරි අතපත්තු මේ වනවිට ICC ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවනවා. 
 
ICC එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඇය පසුවන්නේ 3වන ස්ථානයේයී.
(colombotimes.lk)