13 December 2025

logo

දේශබන්දු ධූරයෙන් ඉවත් කරන කමිටුව යළි රැස්වෙයි



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළව කරුණු සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව අද (25) යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙම කමිටුව පළමු වරට පසුගිය 23වනදා රැස් වූ බවයි වර්තා වන්නේ.

අදාළ කමිටුවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කටයුතු කරනු ලබනවා.

එමෙන්ම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)