13 December 2025

logo

මහජන බැංකු අන්තර් ප්‍රාදේශික ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් හා පාපන්දු තරග අති උත්කර්ෂවත් අයුරින්



මහජන බැංකු ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන අන්තර් ප්‍රාදේශික ක්‍රීඩා තරගාවලියේ සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් සහ සත් සාමාජික පාපන්දු තරග පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ කොළඹ 02 ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදීයි.

මෙහිදී සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය කුරුණෑගල ප්‍රාදේශිකය හිමි කරගෙන තිබෙනවා.

එහි අනු ශුරතාවය කෑගල්ල ප්‍රාදේශිකයටත් තෙවැනි ස්ථානය කළුතර ප්‍රාදේශිකයටත්  සිව්වන ස්ථානය ගම්පහ ප්‍රාදේශිකයටත් හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සත් සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාවය කුරුණෑගල ප්‍රාදේශිකය හිමි කරගෙන තිබෙනවා.

එහි අනුරතාවය නුවරඑළිය ප්‍රාදේශිකයටත් තෙවන ස්ථානය ගම්පහ ප්‍රාදේශිකයටත් සිව්වන ස්ථානය ත්‍රිකුණාමලය ප්‍රාදේශිකයටත් හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.



(colombotimes.lk)