colombotimes.lk
සිංහල | English

17 September 2024


ඊශ්‍රායලයේ ලක්ෂ පහක ජනකායක් විරෝධතාවයක



ඊශ්‍රායලයේ ලක්ෂ පහක පමණ ජනකායක් එක් වී දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති බවයි.
 
ඒ අනුව මෙම උද්ඝෝෂණය ඊශ්‍රායලයේ ටෙල් අවීව්, ජෙරුසලම් සහ අනෙක් ප්‍රධාන නගරවල පවත්වා තිබෙනවා.

(colombotimes.lk)