colombotimes.lk
සිංහල | English

19 April 2024

ග්‍රහලෝක ගිලගන්නා භයානක තාරකාවක් හමුවෙයි



අපි හැමෝම දන්න දෙයක් සහ විශ්වාස කරන දෙයක් තමයි ලෝක විනාශය කොයි මොහොතක හරි වෙන්න පුළුවන් කියන එක.

නමුත් මේ සම්බන්ධයෙන් වෙනස්ම ආකාරයක මතයක් විද්‍යාඥයින් පිරිසක් විසින් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ අනුව ඔවුන් පවසන්නේ තවත් වසර බිලියන 5කින් සිදුවන ලෝක විනාශයේදී, සුර්යයා අද සිටින තත්ත්වයට ආපෙක්ෂාව විශාල ලෙස වෙනස් වන බවයි.

Terrifying: Scientists have seen a star swallowing a planet just 12,000 light-years away in our own Milky Way galaxy, near the eagle-like constellation Aquila (shown in an artist

අපගේ තාරකාව වන සුර්යයා සතුව ඇති බල ශක්තිය අවසන් වුනොත් මොකද වෙන්නේ ?

මේ සම්බන්ධයෙන් මත පළකරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, සුර්යයාට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීම සඳහා ග්‍රහලෝක ගිල ගැනීම සිදු කරන බවයි.

ඔවුන් මෙසේ පැවසීමට හේතුව ලෙස විශේෂ තොරතුරු රැසක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව පෘථිවිය අයත් වන ක්ෂීරපථ මන්දාකිනියේ, රාජාලියෙකු වැනි තාරකා මණ්ඩලයක් අසල, ආලෝක වර්ෂ 12,000 ක් ඈතින් පිහිටි ග්‍රහලෝකයක් මෙසේ තාරකාවක් විසින් ගිලදමා ඇති බව ඔවුන් සඳහන් කළා.

How it happens: This graphic shows the process of a sun-like star going from having a planet orbiting it (left), to gradually expanding as it runs out of fuel and dragging the planet into it

මෙසේ සිදුකිරීමෙන් අනතුරුව එම තාරකාව දින 10ක් ඇතුළත 100 ගුණයකටත් වඩා දීප්තිමත් වූ බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඔවුන් සඳහන් කරන්නේ, සුර්යයාගේ බලශක්තිය අඩු වන විට එය නැවත ලබා ගැනීම සඳහා ග්‍රහලෝක ගිල ගැනීම සිදුවන බවයි.

එමෙන්ම සුර්යයා ආසන්නයේම තියෙන ග්‍රහලෝක සඳහා මෙහි බලපෑම වැඩි බවද ඔවුන් පෙන්වා දෙනවා.

එනම් මේ හේතුවෙන් ඔවුන් නිගමනය කර ඇත්තේ අනාගත පෘථිවි ඉරණමද ශෝකජනක විය හැකි බවයි.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES)