පාපන්දු නිලවරණයට දින නියම වෙයි



ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පාපන්දුවේ සහ රටෙහි යහපත උදෙසා කරුණු සලකා බලා සාධාරණ නිලවරණයක් පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. 

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 16 දින ශ්‍රීලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමටයි අනුමැතිය හිමිව ඇත්තේ. 
 
එයට අදාල කටයුතු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මේ වනවිටත් සිදු කරමින් පවතිනවා. 
 
මෙම නිලවරණයත් සමඟම සැප්තැම්බර් මස අවසානයේදී ජාත්‍යන්තර තහනම ඉවත්වී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගී වීමට අවකාශය හිමිවන බව සඳහන්.
(colombotimes.lk)