21 July 2025

logo

අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අදයි



අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදන් (21) අවසන් වීමට නියමිතව තිබෙනවා.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි.

අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකි අතර අනතුරුව එම අභියාචනා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කර එහිදී සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා.

(COLOMBOTIMES.LK)