සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙක් සහ උප සභාපතිවරයෙක් තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සමේ නියෝගය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම්දී තිබෙනවා.
එදින තෙක් අදාළ නිලතල සඳහා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නොපවත්වන ලෙස වග උත්තරකාර පාර්ශවයට උපදෙස් දෙන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පවත්වා තිබෙනවා.
සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)