16 July 2025

logo

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තු වන අයට සුබ ආරංචියක්



හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සඳහා ගැසට් නිවේදන 02ක් එළඹෙන සිකුරාදා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.   

2020 වසරේ සිට 2022 වසර දක්වා අ.පො.ස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබාගත් උපාධිධාරීන් 850ක් හෙද සේවය සඳහා බඳවා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.  

(colombotimes.lk)