16 July 2025

logo

අග්නිදිග සරසවියේ විභාග කල්යයි



අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඊයේ (15) අලුයම ඇති වූ ගැටුමත් සමඟ අද (16) පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා තිබෙනවා.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ඊයේ රාත්‍රියේ 08ට පෙර නේවාසිකාගාර වලින් පිටව යන ලෙස දැනුම්දී ඇති බවයි.

මේ අතර අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වාර්තාවක් කැඳවා තිබෙනවා.

එම ගැටුම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලීසිය සහ විශ්වවිද්‍යාල බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)