ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කර තිබෙනවා.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334කට හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදුලි සැපයුම් ඒකක 700ක් රුපියල් මිලියන 50කට අධික මුදලක් වැය කරමින් මිල දී ගැනීමට Browns Engineering & Constrcutions (Pvt) Ltd සමාගමට මෙම ප්‍රසම්පාදනය පිරිනමා තිබුණා.
කෙසේ නමුත් එය ප්‍රදානය කළ සමාගම වෙත පිරිනමා ඇති ප්‍රසම්පාදනය අවලංගු කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් සිය 'ලංසු සුරැකුම පසුව ලැබීමට සලස්වන' බව ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)