16 July 2025

logo

ලාංකික තරුණියන්ට ජපානයෙන් රැකියා අවස්ථා



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙනවා. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ අද (16) ජපානය බලා පිටත්වයාමට නියමිත තරුණියන් 09දෙනෙක් වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ සිදු කළ බවයි.  

ඒ සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන IM Japan ආයතනයේ නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී තිබෙනවා.


(colombotimes.lk)