16 July 2025

logo

රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කරයි



වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ 'වනස්පති' ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙලෙස රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

එම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

(colombotimes.lk)