colombotimes.lk
සිංහල | English

17 May 2024

පුපුරන ද්‍රව්‍ය ඇති සපත්තුවක් සමඟ සිසුවෙක් අත්අඩංගුවට



ඩෙටනේටරයක් සහ පුපුරන ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එකකර සාදන ලද සපත්තුවක් සමඟින් සිසුවෙකු ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පථය මඟින් පිපිරීක් පවා සිදු කළ හැකි බවයි ගුවන්තොටුපොළ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පැවසුවේ.

සැකකාර සිසුවා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත යාමට සුදානම් ව ගුවන්තොටුපොළට පැමිණ ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු 27 හැවිරිදි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සිසුවා පවසා ඇත්තේ, අදාළ සපත්තුව විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක් සඳහා නිර්මාණය කරන ලද ඇවිඳගෙන යනවිට බැටරිය ආරෝපණය වීමේ තාක්ෂණයක් සහිත නිර්මාණයක් බවයි.

එමෙන්ම මෙය සිඩ්නි විශ්වවිද්‍යාලයේ මිතුරෙකුට අයත් සපත්තුවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)