colombotimes.lk
සිංහල | English

03 May 2024

ධම්මික පෙරේරා, පොදුජන පෙරමුණෙන් ජනපති සටනට?



ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් හතර දෙනාගෙන් එක් අයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා ගැන සාකච්ඡා කරමින් සිටින බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. 

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. 
 
කෙසේ වෙතත්, මේ වනවිට අපේක්ෂකයින් අතර සිටින ධම්මික පෙරේරා පිළිබඳව සලකා බලමින් සිටින බවයි ඔහු අනාවරණ කළේ.
(colombotimes.lk)