12 May 2025


රෝහල්ගත වූ ඩයනාගේ අලුත්ම තත්ත්වය



රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය කථානායකවරයා යටතේ කමිටුවක් පත් කර ඇති බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළා. 

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ට පාර්ලිමේන්තුවේදී පහරදුන් බවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මීට පෙර චෝදනා කළා. 
 
ඇය ඊයේ (20) පස්වරුවේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබෙන අතර ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව අද (21) රෝහලෙන් පිටව ගොස් තිබෙන බවයි වාර්තාවන්නේ. 
 
මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.
(colombotimes.lk)